
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට ජපානයේ සහාය ලබාගැනීමට එරට තානාපතිවරයා සමග සාකච්ඡා කළ අතර, එහි ඉදිකිරීම් අවසන් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළේය.
මහනුවර ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියකට එක්වෙමින් ඔහු කියාසිටියේ මහනුවර නගරයේ පවතින රථවාහන තදබදයට විසඳුම් සෙවීමට රජය පියවර ගන්නා බවයි.
මහනුවර ප්‍රදේශයේ ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් පසුගියදා පැවති අතර, මේ වන විට නතර වී ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය පියවර ගන්නා බවද ඔහු පැවැසීය.
“ගුඩ් ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදිකිරීම වැනි බොහෝ ව්‍යාපෘති නවත්තලා තිබෙනවා. කටුගස්තොට, පේරාදෙණිය, තැන්නකුඹුර ප්‍රදේශවලත් බස් නැවතුම්පොළවල් ඉදිකිරීමට සැලසුම් කර තිබුණා. ඒවාත් නවතා තිබෙනවා. අපි ඉක්මනින් මුදල් සොයාගෙන ඒ ඉදිකිරීම් නැවත ආරම්භ කරනවා,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart