May 5, 2024

වෙනත් නෞකා ඇති ස්ථාන හඳුනාගැනීම සඳහා උපකාර වන දිය යට සෝනාර් යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය සැලැස්මක් සකස් කර ඇති බව ජපාන නියෝජ්‍ය මාධ්‍ය ලේකම් කනෙකෝ මරිකෝ පවසයි.

ජපාන විදේශ ඇමැති යෝකෝ කමිකාවා සෙනසුරාදා පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී මෙම තීරණය ශ්‍රී ලංකාවට දැනුම්දී ඇතැයි පැවැසේ.

යෙන් බිලියන 01ක් පමණ වටිනා යාත්‍රාවක් සහ සෝනාර් පද්ධතියක් ඒ අනුව ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත.

නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් තහවුරු කරගැනීම සම්බන්ධයෙන් ජපානයේ ස්ථාවරය අවධාරණය කිරීමටත්, මුහුදු මංතීරු ඔස්සේ උපායමාර්ගික ස්ථානයක සිටින ශ්‍රී ලංකාවට සහය දැක්වීමටත් ජපානය බලාපොරොත්තු වේ.