
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවතම රාජ්‍ය තාන්ත්‍රික ආරවුල මධ්‍යයේ, ආරක්ෂක හේතූන් මත ජපානයට යාමෙන් වළකින ලෙස චීනය තම පුරවැසියන්ට අනතුරු අඟවා ඇති පසුබිමක චීන මතභේදය ප්‍රතික්ෂේප කිරීම සඳහා ජපාන විදේශ අමාත්‍යාංශය සිකුරාදා අපරාධ දත්ත හෙළි කළේය.
ඒ අනුව එම අමාත්‍යංශය පවසා ඇත්තේ පසුගිය වසරේ එම කාලය තුළ චීන ජාතිකයින්ට බලපෑ මිනීමැරුම් 14 ක්, මංකොල්ලකෑම් 18 ක් සහ ගිනි තැබීම් තුනක් හා සසඳන විට, මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ජපානයේදී චීන ජාතිකයන් සම්බන්ධ මිනීමැරුම් හතක්, මංකොල්ලකෑම් 21 ක් පමණක් වාර්තා වී ඇති බවයි.
ගිනි තැබීම් සිද්ධීන් ශුන්‍ය බව ද ජපන් බලධාරීන් පවසා තිබේ.
එමෙන්ම ජපානය පවසන්නේ එම සිදුවීම්වල අපරාධකරුවන් චීන ජාතිකයන් වූ අවස්ථා ද සංඛ්‍යාලේඛනවලට ඇතුළත්ව ඇති බවයි.
2023 මුළුල්ලේම, මිනීමැරුම් 15 ක්, මංකොල්ලකෑම් 31 ක් සහ ගිනි තැබීම් දෙකක් පමණක් වාර්තා වී ඇතැයි ද ජපාන විදේශ අමාත්‍යංශය නිකුත් කළ වාර්තා වේ දැක්වේ.
එමෙන්ම ජපානය චෝදනා කරන්නේ චීනයේ මෑත කාලීන නිවේදන මගින් මෙම වසරේදී ජපානයේදී චීන ජාතිකයින්ට එරෙහිව අපරාධ නඩු වැඩිවීමක් සිදුවී ඇති බව දක්වා ඇති බවයි.
එය ආරක්ෂාවට වැඩි අවදානමක් යෝජනා කර ඇති නමුත් එවැනි ප්‍රකාශ අසත්‍ය බව ජපාන විදේශ අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart