
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ අවධානය සඳහා ආයෝජන යෝජනා රැසක් ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කර ඇති බව ජපානයේ ජනමාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් යුකිකෝ ඔකානෝ පැවැසීය.
ඇය මේ බව සඳහන් කරන ලද්දේ, ජපාන විදේශ ඇමැති හයාෂි යෝෂිමසාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර, පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය වාර්තා කරමිනි.
“ජනාධිපතිතුමා(ශ්‍රී ලංකාවේ) ජපානයේ සළකා බැලීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කළා” ඇය පැවසුවාය.
කෙසේ වෙතත්, වර්තමානයේ ජපානයේ අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට හැකි ඉක්මණින් සහ සුමටව සහායවීම බව ඔකානෝ පැවසීය.
ජපාන රජය විසින් අරමුදල් සැපයීමට නියමිතව තිබී අත්හිටුවන ලද සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය වැනි විශේෂිත ව්‍යාපෘති ආසන්නතම රැස්වීමේදී සාකච්ඡා නොකළ බවද නිලධාරිනිය සඳහන් කළාය.
නව ණය ලබාදීමට සිදුව ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්රයත්නයන් සමඟ හිතකර ප්‍රතිඵලයක් ලැබීමෙන් පසුව පමණක් බව ඔකානෝ අවධාරණය කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart