
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපාන බලධාරීන් සිය රටේ පළමු සූදු නිකේතනය ඉදිකිරීම සඳහාවන මතභේදාත්මක සැලසුම අනුමත කර ඇත. මෙම සූදු සංකීර්ණය 2029 දී බටහිර ඔසාකා නගරයේදී විවෘත කිරිර්මට නියමිතය. දිගු කලක් ජපානයේ කැසිනෝ නීති විරෝධී ය. එහෙත් රැකියා උත්පාදනය කිරීම සහ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා පෝකර් සහ බැකරැට් වැනි සූදු ක්‍රීඩා කිහිපයක් සඳහා අනුමැතිය සපයන නීතියක් 2018 වසරේදී දී සම්මත කරන ලදී. කෙසේවෙතත් රටේ අපරාධ සහ සූදුවට ඇබ්බැහි වීම ඉහළ යෑම ගැන ඇතැමුන් කනස්සල්ලට පත්ව සිටින අතර, මේ සම්බන්ධයෙන්වන මහජන මතය බෙදී ඇත.
යෝජිත මෙම සූදු නිකේතනයට, කැසිනෝ ශාලාවකට අමතරව, වර්ග අඩි මිලියන 5.3 (හෙක්ටයාර 49) හෝටල් සංකීර්ණයක්, සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක්, සාප්පු සංකීර්ණයක් සහ කෞතුකාගාරයක් ඇතුළත් වේ. අගමැති ෆුමියෝ කිෂිඩා පවසන පරිදි ජපානයේ චමත්කාරය ලොවට ප්‍රවර්ධනය කරන සංචාරක පදනමක් බවට කැසිනෝව පත්කිරීම මෙහි අරමුණවී ඇත. මෙම ව්‍යාපෘතියේ ආරම්භක ආයෝජනය ජපන් යෙන් ට්‍රිලියන 1.8ක් (ඩොලර් බිලියන 13.5ක් වේ). එක්සත් ජනපදය පදනම් කරගත් කැසිනෝ ක්‍රියාකරුවකු වන MGM සමාගම සහ ජපානයේ Orix සමූහය මෙම නව කැසිනෝ ව්‍යාපාරයේ 80% ක කොටස්වල සමාන හිමිකාරීත්වය(40% බැගින්) දරයි. ඉතිරි 20%ක කොටස් බටහිර ජපන් රේල්, කන්සායි විදුලි පවර් සහ ඔසාකා පදනම් වූ පැනසොනික් වැනි දේශීය සමාගම්වලට අයත් වේ.
ජපාන ප්‍රවෘත්ති සේවාවන් වාර්තා කර ඇති ආකාරයට වාර්ෂිකව සංචාරකයන් මිලියන 20ක් පමණ මෙම නිකේතනයට ආකර්ෂණය කර ගැනීමටත්, දළ වශයෙන් යෙන් ට්‍රිලියන 01ක වාර්ෂික ආර්ථික ප්‍රතිලාභ කලාපයට ගෙන ඒමටත් නිලධාරීන් අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart