
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ SLIM අභ්‍යවකාශ ගවේෂණ යානය සදෙහි කක්ෂයට ඇතුළු වී ඇත්තේ, ලබන මස අපේක්ෂිත පළමු ගොඩබෑම සඳහා වන ප්‍රධාන පියවරක් තබමිනි.
ජපාන යානය සදෙහි පෘෂ්ඨය මත නිශ්චිත ඉලක්කයකට මීටර් 100ක් (අඩි 328ක්) ඇතුළත ගොඩබැසීමට සැලසුම් කර තිබේ.
මෙය සාර්ථක වුවහොත්, එක්සත් ජනපදය, රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුව, සද මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සවූ පස්වැනි රට බවට ජපානය පත් වේ.
ඊයේ ජපාන වේලාවෙන් සවස 04.51ට පමණ යානය සාර්ථකව සඳේ කක්ෂයට ඇතුළු වූ බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මීට පෙර සඳ වෙත ගමන් කිරීමේ ජපන් මෙහෙයුම් දෙවරක් අසාර්ථක වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart