
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“විරුද්ධ පක්ෂය හිරේ දමමින් මර්ධනය කළාට ඩෙංගු වසංගතය මර්ධනය වන්නේ නැතැ”යි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ජනමාධ්‍ය හමුවකදී පැවසීය.
වර්තමානයේ ඩෙංගු වසංගතය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි රාජිත සේනාරත්න එහිදී ප්‍රශ්න කළේය.
කොළඹ මල් පාර රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ පැවති මෙම ජනමාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මෙසේද සඳහන් කළේය.
“අද අපි මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව.දැන් මෙය වසංගත තත්ත්වයකට පැමිණ තිබෙනවා. ඩෙංගු අවසානයේදී වසංගත තත්ත්වයකට ආවේ 2017වර්ෂයේදී. ඒ අවස්ථාවෙදී මේ ඩෙංගු රෝගය මුළු ලෝකය පුරා පැතිරිලා තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට ඒ කාලයේ ලෝකයෙන් බාගයක් අධිඅවධානම් කලාප හැටියට නම් කරලා තිබුණා.
අපේ රට තිබුණේ ඒ අධි අවධානම් කලාපයේ. පසුගිය සමයේ ඩෙංගු වසංගතය පැමිණි වහාම එය මර්ධනය කරන්න ගත්ත පියවර මොනවාද? අපි ගත්ත ක්‍රියාමාර්ග මේ රටේ ජනතාව අහගෙන හිටියොත් මේ වසංගතයෙන් මිදෙන්න කොයිතරම් බැරෑරුම්ද කියන එක තේරෙනවා. ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart