
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි කෙමෙන්ට සුවය ලබමින් සිටින බව ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ ප්‍රකාශ කරයි. ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. 2022 ජූලි මාසයේදී සිදුවූ රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
“එතුමා මේ වන විට කෙමෙන් සුව වෙමින් ඉන්නවා. මුලින් දැඩි ලෙස අසනීප වෙච්ච කාලෙට වඩා සෑහෙන්න ප්‍රතිචාර පෙන්නනවා. ඔහු කෙමෙන් කෙමෙන් සුවය කරා ළං වෙමින් ඉන්නවා.” යැයි කුමාරි මුණසිංහ එහිදී සඳහන් කළාය.
සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මේ දිනවල ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් පළවන තොරතුවලට ප්‍රතිචාර දක්වමින් කුමාරි මුණසිංහ සඳහන් කරන ලද්දේ, ජැක්සන් ඇන්තනි අසීරුවෙන් ලබාගත් ප්‍රසිද්ධිය උපයෝගී කරගෙන යමකු සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් උපයනවා නම්, එහි පින ජැක්සන් ඇන්තනිට හිමිවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart