
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ජවයක් ගෙන ආ 25 හැවිරිදි එංගලන්තයේ විල් ජැක්ස් ඊයේ (29) IPL පිටියේ ශතකයක් වාර්තා කළේ සුපිරි ඉනිමක් දියත් කරමිනි.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවැති තරගයේදී ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ පන්දු 41කදීය.
සිය අර්ධ ශතකය පන්දු 31කදී වාර්තා කළ විල් ජැක් ශතකය සම්පුර්ණ කිරිමට අවශ්‍ය ලකුණු 50 පන්දු 10කදී ලබාගත්තේ ක්‍රිකට් පිටියේ තරගයක් උඩුයටිකුරු කළ ඉනිමක් දියත් කරමිනි.
එහිදී තරගයේ 16වැනි පන්දුවාරයේදී බැංග්ලොර් පිළට ජයග්‍රහණය සදහා එක් ලකුණක් අවශ්‍ය මොහොතේ විල් ජැක්ස්ට සිය ශතකය සදහා ලකුණු 06ක් අවශ්‍ය ව තිබූ අතර, ඔහු එය සාර්ථක කර ගැනීමට සමත් විය.
ඒ අනුව ඔහු පන්දු 41කදී ලකුණු 100ක් සහ විරාට් කෝලි පන්දු 44කදී නොදැවී ලකුණු 70ක් ලබාගැනීමට සමත්වූහ.
විල් ජැක්ස් 16වැනි පන්දුවාරයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව හයේ පහර 04ක් සහ එක් හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 28ක් රැස්කළේය.
ගුජරාට් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 03ට ලකුණු 200ක් ලබාගත් අතර බැංග්ලොර් කණ්ඩායම පන්දුවාර 16ක් තුළ එක් කඩුල්ලට ලකුණු 206ක් ලබා ගත්තේ තරගය කඩුලු 09කින් ජයගනිමිනි.
මෙම තරගයේදී විරාට් කෝලි සහ විල් ජැක්ස් 02වැනි කඩුල්ලට පන්දු 54කදි නොබිඳුණු ලකුණු 166ක සබදතාවක් පැවැත්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart