
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මර්දනයට එරෙහිව තමන් සමඟ අත්වැල් බැඳගනු ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය බලාපොරොත්තු වේ.
‘ඩේලි මෝර්නින්’ වෙත අදහස් දක්වමින් අවිශිබම කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පවසා ඇත්තේ, රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ වත්මන් ගැටළු සහ දිනෙන් දින ඉහළ යන ආණ්ඩුවේ මර්දනය පිළිබඳව පසුගිය සතියේ ජාජබ නායකයන් සමඟ සාකච්ඡා කළ බවයි.
එම රැස්වීම පිටුපස වෙනත් කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.
මැතිවරණයක් කැඳවන තෙක් බලා නොසිට පොදු අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සාමූහික ව්‍යාපාරයක වැදගත්කම පිළිබඳව ජාජබ වෙත බල කිරීමට අවිශිබමයට අවශ්‍ය බව ද හෙතෙම සඳහන් කර තිබේ.
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ (IMF) නියෝග අනුව රජය සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වන වියදම් කපාහැරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම කඩාවැටී ඇති බවට ඔහු චෝදනා කර ඇත.
ඔවුන් විසින් මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් ජාජබ අවසානයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart