
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කවරක්කුලම පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයකු නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 14250ක්, එම නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, නොච්චිකුලම, ඉහලගම, මිහින්තලේ ලිපිනයේ පදිංචි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.
නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඉහත ලිපිනයෙහි පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී සවස හතරට පමණ එම නිවසේ තිබී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 14250ක ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කියයි.
තවදුරටත් නිවසේ සිදුකළ වැඩිදුර පරීක්ෂාවකදී සූක්ෂම ලෙස සඟවා තිබූ නීතිවිරෝධී මත්පැන් පිරීමට උපයෝගී කරගන්නා, දෙපස රබර් පටි සවිකරන ලද වට තුනකින් සමන්විත තඹ දඟරයක්, කළු පැහැති බැරල් එකක්, කළු පැහැති යකඩ සිලින්ඩර් එකක් සහ ගෑස් ලිප් එකක් එම නිලධාරියා සන්තකයේ තිබී සොයාගත් බවද පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart