
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වාධින රුපවාහිනී සේවයේ(ITN) ඉහළ නිලධාරියකු විසින් සිදුකළ විදේශ රැකියා ජාවාරමක් අනාවරණය වී ඇති අතර, මෙම තත්ත්වය හේතුවෙන් ආයතනයේ පාලනාධිකරියද බරපතල ගැටලුවකට මුහුණදී සිටින බව පැවැසේ.
මෙලෙස රැකියා ජාවාරමක නිරතව ඇත්තේ ස්වාධීන රුපවාහිනී සේවයේ ‘වසන්තම් TV’ හි කළමනාකරුවකු වන කොනේෂ් සුබ්රමනියම් නමැත්තෙක් බව වාර්තා වේ.
විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ගේ ඥාතියකු බව පැවසෙන මෙම පුද්ගලයා එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ රැකියා ලබාදෙන බව පවසමින් මේ වන විට තරුණයන් 18ක පමණ පිරිසකගෙන් මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ.
විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයා ජාවාරම සිදුකර ඇත්තේ ‘ස්වාධින රුපවාහිනී සේවයේ’ නාමය භාවිත කරමින් වීමයි.
එක් අයකුට රැකියාවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් ඔහු විසින් ලබාගෙන ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා මේ වන විට ආයතනයට නොදන්වා විදේශගතවී ඇති අතර, ඔහුත් සමග ස්වාධීන රුපවාහිනියේ හැඳුනුම්පත් සහිත තවත් දෙදෙනකුද අතුරුදන්ව ඇතැයි පැවැසේ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් රාජ්යතාන්ත්රික මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි වාර්තා සඳහන් කරයි.
එසේම මෙම ආයතනයේ නාමය යටතේ සිදුකර ඇති මෙම ජාවාරම හේතුවෙන් ස්වාධීන රුපවාහිනී සේවයේ නිලධාරීන්ට එක්සත් රාජධානියේ වීසා ලබාගැනීම සඳහාත් ඉදිරියේදී දුෂ්කර වනු ඇතැයි පැවැසේ.
මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමසීමකදී ස්වාධීන රුපවාහිනී සේවයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන ceylonwire.lk වෙත සඳහන් කරන ලද්දේ, එවැනි සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති නමුත්, නිල වශයෙන් මෙතෙක් පාලනාධිකාරියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart