
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව රටවල් රැසක් මේවනවිට TikTok සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින පසුබිමක් තුළ ඉතාලියෙන් ද එවැනි සිද්ධියක් වාර්තා වේ.
ඒ අමෙරිකාව රට තුළ ටික්ටොක් තහනම් කිරීම ආසන්නයට පැමිණ සිටින පසුබිමක් තුළයි.
එවන් පසුබිමක් තුළ ඉතාලිය ද TikTok සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉතාලිය TikTok සඳහා දඩ මුදලක් පනවා ඇති බවයි.
තරුණ හෝ වෙනත් අවදානමට ලක්විය හැකි පරිශීලකයින්ට හානි කළ හැකි අන්තර්ගතයන් ඇතුළත් කිරීමේදී පරික්ෂාකාරි නොවීම TikTok වෙත ඉතාලිය එල්ල කර ඇති චෝදනාවයි.
එම චෝදනාව යටතේ ඉතාලිය TikTok වෙත පනවා ඇති දඩ මුදල යුරෝ මිලියන 10 ක් බව වාර්තා වෙයි.
බාලවයස්කරුවන් සඳහා අනාරක්ෂිතව කටයුතු කිරීම සම්බන්ධයෙන් TikTok පරීක්ෂාවට ලක් කර එම ගිණුම් සඳහා දඩ මුදල් අය කළ පළමු අවස්ථාව ද මෙය නොවන බව වාර්තා වේ.
පසුගිය වසරේ, ළමා දත්ත අනිසි ලෙස භාවිතා කිරීම සහ පරිශීලකයින් සඳහා වයස් සීමාවන් කඩ කර වීඩියෝ බෙදාහැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය විසින් TikTok සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 16 කට ආසන්න දඩයක් නියම කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart