
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉතාලියේ දකුණු ප්‍රදේශයේ පිහිටි කුඩා නගරයක නගරාධිපතිවරයා එම නගරයේ වැසියන්ට අසනීප වීම තහනම් කරමින් අසාමාන්‍ය නියෝගයක් නිකුත්කර ඇතැයි වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ඉතාලියේ කැලබ්‍රියා හි දකුණු ප්‍රදේශයේ බෙල්කාස්ට්රෝ හි පදිංචිකරුවන්ට මෙම නියෝගය බලපැවැත්වෙන බවයි.
ඒ අනුව, නගරාධිපති ඇන්ටෝනියෝ ටෝර්චියාගේ නියෝගයක් ප්‍රකාශයටපත් කරමින් පවසා ඇත්තේ, වෛද්‍ය ආධාර අවශ්‍ය, විශේෂයෙන් හදිසි අවශ්‍යතා ඇතිවන ඕනෑම රෝගයක් වැළඳීමෙන් වැළකී සිටීමට නියෝග කරන බවයි.
බෙල්කාස්ට්රෝ යනු පුද්ගලයන් 1,300 ක් පමණ වෙසෙන නගරයක් බව පැවැසේ.
එහි ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානය බොහෝවිට වසා ඇතැයි නගරාධිපතිවරයා පවසයි.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ සතිඅන්තයේදී හෝ නිවාඩු දිනවල එහි වෛද්‍යවරුන් නොමැති බවයි.
නියෝගය නොගැළපෙන බවක් පෙන්නුම් කළ ද, නගරයේ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැතිකම ඉස්මතු කිරීම ඉන් අදහස් කරන බව ද නගරාධිපති ඇන්ටෝනියෝ ටෝර්චියා පවසා තිබේ.
අවට සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වසාදැමීම සහ ළඟම ඇති හදිසි ප්‍රතිකාර ඒකකය කැටන්සාරෝ නගරයේ කිලෝමීටර් 45ක් පමණ දුරින් පිහිටා තිබීම හේතුවෙන් මෙවැනි නියෝගයක් අවශ්‍ය යැයි නගරාධිපතිවරයා විශ්වාස කර තිබේ.
“හදිසි අවස්ථාවක් සඳහා පූර්වාරක්ෂාකාරී ස්වභාවය සහ කල්දැමිය නොහැකි ක්‍රියාවක්” හේතුවෙන් මෙම නියෝගය නිකුත් කළ බව ද ඔහු පවසයි.
එමෙන්ම නගරාධිපතිවරයා පෙන්වාදෙන්නේ, නියෝගය හුදු ජනතාව කෝප කිරීමක් නොවන බව සහ උපකාරය සඳහා කරන හඬනැගීමක් බවත් ය.
කෙසේවෙතත් නගරාධිපතිවරයා තම නියෝගයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, හානිකර වියහැකි හැසිරීම්වල නොයෙදෙන ලෙසත් ගෘහස්ථ අනතුරු වළක්වා ගැනීමට සහ නිවසෙන් නිතර පිටව නොයන ලෙසත්, ගමන් බිමන් නොයන ලෙසත්, ක්‍රීඩාවල යෙදෙන ලෙසත්, වැඩි වේලාවක් විවේක ගන්නා ලෙසත්ය.
නගරයේ මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය නිතිපතා විවෘත වන තුරු මෙම ආඥාපනත බලපැවැත්වෙන බව නගරාධිපතිවරයා පවසා ඇතැයි ද සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart