
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2020 ජනවාරි සිට 2022 මැයි දක්වා කාලය තුළ ජාතික පාසල්වල විදුහල්පතිවරුන් චක්‍රලේඛවල දක්වා ඇති විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව සිසුන් 2,237ක් ඇතුළත් කරගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව අනාවරණ කර තිබේ.
නියමිත ක්‍රියාපටිපාටි මඟහරිමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන් අමතා නිකුත් කළ ලිපි මත පදනම්ව සිසුන් ඇතුළත් කර ඇත.
නිශ්චිත කාල සීමාව තුළ ස්ථාපිත ක්‍රමවේදයන්ට පටහැනිව මෙම ලිපි නිකුත්කර ඇත්තේ විවිධ පාර්ශ්ව විසින් කරන ලද ඉල්ලීම්, නිර්දේශ, අභියාචනා සහ නියෝගවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.
2020 ජනවාරි සිට 2022 මැයි දක්වා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කරගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ මෑත කාලීන විගණන වාර්තාව මගින් පෙනීගොස් ඇත්තේ මෙම කාලය තුළ විධිමත් ක්‍රමවලින් සැළකිව යුතු ලෙස බැහැරවී ඇති බවයි.
විමර්ශනය කරන ලද ලිපි 3,308න් 2,367ක් පවතින ක්‍රියාපටිපාටියට පටහැනිව ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බව සොයාගෙන ඇත.
මෙම ලිපි නිකුත්කර ඇත්තේ රජයේ ඇමැතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය සහ පාර්ලිමේන්තුව වැනි මහජන නියෝජිතයන් ඇතුළු විවිධ ආයතනවල නියෝගවලට සමාන ඉල්ලීම් සහ නියෝජනයන් වෙනුවෙනි.
ඔවුන් අපේක්ෂා කරන පරිදි පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා මව්පියන් සහ භාරකරුවන් විසින් සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් ඉටුකර ගැනීම සඳහා ඉල්ලීම්, නිර්දේශ, අභියාචනා, අනුග්‍රහය සහිත ලිපි 2,367ක් ඉදිරිපත් කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
2020 නොවැම්බර් 5 සිට 2021 පෙබරවාරි 28 දක්වා ක්‍රියාත්මක වූ කමිටුව විසින් කරන ලද නිර්දේශ මත ලේකම්වරයාගේ ලිපි අනුමත කිරීමට අමතරව අධ්‍යාපන ලේකම්වරයා වෙත නියෝග ලැබී ඇති බැවින් එම ලිපි නිකුත්කර තිබේ.
ඇමැතිවරුන් ඉල්ලීම් 861ක් සමඟින් ඉදිරියෙන් සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීම් 654ක් ද, අමාත්‍යංශ ලේකම්වරු/දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඉල්ලීම් 190ක් ද ඉල්ලීම් ඉදිරිපත්කර තිබේ.
අගමැති කාර්යාලය විසින් ලිපි 160ක් නිකුත් කර ඇති අතර, පූජ්‍ය පක්ෂය සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිළිවෙළින් ඉල්ලීම් 72ක් සහ 53ක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් පණිවුඩ ආකාරයෙන් සෘජුවම ඇතැම් ඉල්ලීම් කර ඇති බව ලිපිගොනුවල තිබී සොයාගත් ලිපි ලේඛනවල සඳහන්ව තිබිණි.
ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 2020 ජනවාරි 1 සිට 2022 මැයි දක්වා කාලය තුළ ඉහත සඳහන් ඉල්ලීම්, නිර්දේශ, අභියාචනා, අනුග්‍රහය සහ නියෝජන සඳහා නියෝග ලෙස ලිපි 3,559ක් නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart