October 2, 2025

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ ගැටළු නිරාකරණය කර ගනිමින් පක්ෂයක් ලෙස එකමුතුව කටයුතු කළ යුතු බව පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ පවා පිළිගන්නා බවයි.

එහෙත් ඔහු වටා සිටින ගෝලයන් පිරිස ද ඒ බව පිළිගත යුතුව ඇතැයි මන්ත්‍රීවරයා පැවසුවේය.

තමා ඇතුළු පක්ෂය අතනොහැර සිටින සියල්ලන්ම එක්සත් ජාතික පාක්ෂිකයින් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වෙනයම් මාර්ගයකින් සුපිරි පන්තියක් නියෝජනය කරමින් පැමිණි කිසිවෙකුත් එම පක්ෂ‍ය තුළ නොමැති බවයි.

එබැවින් වචනයකින් පවා සිදු කළ යුත්තේ සියලුදෙනා එකට එක් කිරීම බව ද ඔහු පෙන්වා දුන්නේය.

එම මාර්ගයෙන් ඉවතට ගමන් කිරීමට උත්සහ දරණ ඕනෑම කෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.