
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය විශ්වවිද්‍යාල භූමියේ සිසුන් විසින් ඉදිකර ඇති යුද සැමරුම් ස්මාරකය අනවසර ඉදිකිරීමක් බවට බලධාරීන් තීරණය කර ඇති අතර, එම ඉදිකිරීමට අවසර දුන් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.
2021 ජනවාරි මාසයේදී යාපනය විශ්වවිද්‍යාලයේ මෙම යුද ස්මාරකය ඉදිකිරීම ආරම්භ කළ අවස්ථාවේදී උපකුලපතිවරයා බුල්ඩෝසරයක් යොදාගනිමින් ස්මාරකය කඩා ඉවත් කළ අතර, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු සහ පාලන අධිකාරියේ ඇතැම් සාමාජිකයෝ විශ්වවිද්‍යාලය තුළ විරෝධතාවක් සංවිධානය කළහ.
සිසුන් සිය පන්ති වර්ජනය කර විශ්වවිද්‍යාලය ඉදිරිපිටට රැස්ව කෑගසමින් ආචාර්යවරුන් පිරිසක් විශ්වවිද්‍යාල භූමියේ සිරකර දින කිහිපයක් ගේට්ටුද අවහිර කර තිබිණි.
යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට වාර්තා කිරීමෙන් පසු එහි නිලධාරීන්ද යාපනය විශ්වවිද්‍යාලයට පැමිණ ගැටලුව සමථයකට පත්කළේය.
එහෙත් ප්රශ්නය නොවිසඳුණු විට සිසුන්ගේ බලවත් බලපෑම මත උපකුලපතිවරයාට නිහඬව සිටීමට සිදුවිය.
යාපනය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයකු තෝරා පත්කර ගැනීමට ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ නිර්දේශය මත හිටපු උපකුලපතිවරයා පත්කිරීමට විරෝධය පළකළ පිරිසක්, යුද ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට පෙත්සම් ඉදිරිපත් කර ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් හෙළිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart