
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමෙන් මියගිය ජූඩ් කුමාර් ඉෂාලිනි නම් දහසය හැවිරිදි දැරිය පිළිස්සීම් තුවාල නිසා ඇතිවූ කම්පනයෙන් සහ ලේවලට විෂබීජ ඇතුළුවීම හේතුවෙන් මරණයට පත්වූ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය එම සිද්ධියේ මරණ පරීක්ෂණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊයේ (07) සඳහන් කර ඇත.
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමෙන් මියගිය එම දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ඇමැති රිෂාඩ්ගේ බදුයුදීන්ගේ බිරිඳ කිදර් මොහොමඩ් ෂියාබ්දීන් අයිෂා සහ ඇයගේ පියා වන අලි ඉබ්‍රාහිම් සායිබු කිදර් මොහොමඩ් සියාබ්දීන්, ඇයගේ සහෝදරයා වන කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු වන පොන්නයියා බන්ඩාරම් නොහොත් ‘සංඛර්’ යන අය ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනීසිට ඇත.
පැමිණිල්ල වෙනුවෙන් බොරැල්ල පොලිසිය, කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනීසිට තිබේ.
මෙම සිද්ධියෙන් ජූඩ් කුමාර් ඉෂාලිනි නමැති 16 හැවිරිදි දැරිය ඉකුත් 2022 වසරේ ජූලි මස 03 වැනිදා පිළිස්සීමට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම වසරේ ජුලි මස 15 වැනිදා මියගියාය.
ඇයට සිදුවූ බාහිර පිළිස්සීම් තුවාල හේතුවෙන් ඇතිවූ කම්පනයෙන් දැරියගේ මරණය සිදු වී ඇතැයි මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වූ බව අධිකරණයේදී හෙළිවිය.
2004 වසරේ නොවැම්බර් මස 12 වැනිදා උපන් මියගිය දැරිය ඇයගේ වයස අවුරුදු 16 සම්පූර්ණ වී දින හයකින් එනම් 2020 වසරේ නොවැම්බර් මස 18 වැනිදා මෙම සැකකාරියගේ නිවසට මෙහෙකාර සේවය සඳහා පැමිණ ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart