
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සතුව මහරගම ප්‍රදේශයේ අමතර ගබඩා පහසුකම් දෙකක් සහ යූනියන් පෙදෙසේ විශාල ඉඩමක් තිබියදී, ඉතිරි වන ලොතරැයි පත් ගබඩා කිරීමේ මුවාවෙන් මාදිවෙල ප්‍රදේශයෙන් අනවශ්‍ය ලෙස නිවසක් කුලියට ගෙන ඇති බව හෙළි වේ. මෙම අනාවරණය සිදු වූයේ මණ්ඩලයේ හිටපු සභාපතිවරයා මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු ද වන සරණ ගුණවර්ධනට එරෙහිව පවරා ඇති දූෂණ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ නැවත විභාගයට ගත් අවස්ථාවේදීය.
මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණු අතර, දැනට වෙනත් වරදක් සම්බන්ධයෙන් වසර 16ක සිරදඬුවමක් විඳිමින් සිටින විත්තිකාර සරණ ගුණවර්ධන දැඩි ආරක්ෂක රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
නඩු විභාගය ආරම්භයේදී විත්තිකරුට එරෙහිව පවරා ඇති අධිචෝදනා 6ක් විවෘත අධිකරණයේදී කියවා දෙන ලදී. එම චෝදනා තමන් පිළිගන්නේදැයි අධිකරණය විමසූ අවස්ථාවේදී, විත්තිකරු ප්‍රකාශ කළේ තමන් එම සියලු චෝදනාවලට නිවැරදිකරු බවයි. ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි විමසීම ආරම්භ කෙරිණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ අසිත ඇන්තනිගේ මෙහෙයවීම මත, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරී පියසේන දේවගේ මෙහිදී පළමු සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දුන්නේය.
සාක්ෂිකරු අධිකරණය හමුවේ පවසා සිටියේ, 2004 වසරේදී යූනියන් පෙදෙසේ පිහිටි පැරැණි කඩදාසි සංස්ථාවට අයත් අක්කර කිහිපයක විශාල ඉඩමක් මණ්ඩලය සතුව තිබූ බවයි. එමෙන්ම මහරගම ප්‍රදේශයේද අමතර ගබඩා දෙකක් පවත්වාගෙන ගොස් ඇත.
එසේ තිබියදී, විත්තිකරු සභාපති ධුරය දැරූ 2006 අගෝස්තු 01 සිට 2007 ජූනි 30 දක්වා කාලය තුළ ඔහුගේ එවකට බිරිඳ වූ කුමාරි අබේවික්‍රමට අයත් මාදිවෙල නිවසක් වෙනත් අයකුට පවරා, පසුව එම පුද්ගලයාගෙන් ලොතරැයි මණ්ඩලයට කුලියට ගෙන තිබේ. මේ වෙනුවෙන් රුපියල් 1,980,000ක බදු අත්තිකාරම් මුදලක් නීතිවිරෝධී ලෙස ගෙවීම් කරමින්, තම ධුරය අවභාවිත කර නිලධාරීන් ලවා අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මීට පෙර මෙම නඩුව විභාග කළ, දැනට වැඩ තහනමකට ලක්ව සිටින හිටපු මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බලල්ලේ විසින් විත්තියේ මූලික විරෝධතාවක් පිළිගනිමින් චුදිතයා නිදොස් කොට නිදහස් කර තිබුණි.
කෙසේවෙතත්, අල්ලස් කොමිසම එම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලූ අධිකරණය, පෙර නිදහස් කිරීමේ නියෝගය බලරහිත කර නඩුව මුල සිටම නැවත විභාග කරන ලෙස නියෝග කළේය. ඒ අනුව මෙම නව නඩු විභාගය මහාධිකරණය ඉදිරියේ පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart