
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකාවට පමණක් ආවේණික ඒක දේශීය ශාකයක් වන බිනර ශාකයේ මල් හා එහි අතු සන්තකයේ තබාගෙන සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවක් ගම්පොළ වනජීවී කාර්යාල නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
තිස්හය හැවිදි මෙම කාන්තාව මහනුවර හන්තාන කඳු ආශ්‍රිතව තිබූ මෙම මල් හා ශාක කොටස් එක්රැස් කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා තවත් ඊශ්‍රායලයන් ජාතිකයන් 26 දෙනකු සමග පැමිණි ඇය මහනුවර හෝටලයක නවාතැන් ගෙන ඊයේ (11 ) දින දී හන්තාන කන්ද තරණය කිරීම සඳහා ගොස් ඇත.
මෙම ඊශ්‍රායල් ජාතික කාන්තාව හන්තාන කඳු මුදුනේ දී මෙම බිනර මල් සමග අතු කඩාගැනීම වනජීවීන් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගම්පොළ කාර්යාල නිලධාරීන් ගොස් ඇය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය ගම්පොළ කාර්යාල වෙත ගෙනවිත් තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart