
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ධනවත්ම පුද්ගලයා බවට මෙරට පුමුඛ පෙලේ සමාගාම් කිහිපයක සභාපතිවරයකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර පත්ව තිබේ.
ඒ, ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියමිනි.
ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය අනාවරණ කරයි.
එම වෙබ් අඩවිය පෙන්වාදෙන්නේ, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී ඉෂාර නානායක්කාර ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇති බවයි.
ගල්ෆ් නිව්ස් වාර්තාවට අනුව, තවදුරටත් ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණේ රැදී සිටින්නේ, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ මුකේෂ් අම්බානිය.
ඒ, ඩොලර් බිලියන 118 ක ඇස්තමේන්තුගත වත්කමකට හිමිකම් කියමිනි.
ඔහුගේ වත්කම දකුණු ආසියාවේ සෙසු රටවල ධනවත්ම පුද්ගලයන් සමග සංසන්දනය කරමින් ගල්ෆ් නිව්ස් වාර්තාකර තිබේ.
ඒ අනුව ඩොලර් බිලියන 13.5 ක වත්කමකට හිමිකම් කියන පාකිස්ථාන ජාතික ෂාහිඩ් ඛාන්, ඩොලර් බිලියන 12 ක වත්කම් සහිත බංග්ලාදේශයේ මොසා බින් ෂම්ෂර්, ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියන නේපාලයේ බිනෝද් චෞද්රි සහ ශ්‍රී ලංකාවේ ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ ධනවතුන් අතර පෙරමුණේ රැදීසිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart