
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳව වහාම සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ, මහ බැංකුවේ ක්‍රියාකලාපයට එරෙහිව මෙවැනි කාරක සභාවක් පත් කිරීම සඳහා මේ වන විටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් සිය අත්සන් තබා ඇති බවයි.
විශේෂයෙන්ම NDB බැංකුව සම්බන්ධයෙන් රජය වහාම විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ද ඔහු මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් හිටපු මුදල් අමාත්‍යවරයා මෙලෙස ද පැවසීය.
“රජය සහ මහ බැංකුව රුපියල ස්ථාවර බව ප්‍රකාශ කළද, තිරය පිටුපස සිදුවන්නේ කෘතිම පාවීමක්. මෙහි අවසාන බර සහ පීඩනය දරන්නට සිදුවන්නේ මේ රටේ පොදු ජනතාවටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික ලැබුණත්, රජය රටත් ජනතාවත් දැඩි බදු බරකින් හිර කරලා. මේ ගිවිසුම් අවසන් වූ පසු රට ඉදිරියට ගෙන යන අනාගත වැඩපිළිවෙල කුමක්ද යන්න රජය වහාම රටට හෙළි කළ යුතුයි.”
ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රටේ ප්‍රධානතම රාජ්‍ය බැංකු දෙක පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලසුමක් පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
එමෙන්ම රටේ ප්රජාතන්ත්රවාදය සුරැකීම වෙනුවෙන් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ආණ්ඩු පක්ෂයේ සෙසු පිරිස් අතර පවතින අභ්‍යන්තර මතභේද සහ පරස්පරතා ද දැඩි විවේචනයට ලක් කළේය.
ඉදිරියේදී ලෝකය හමුවට පැමිණීමට නියමිත බරපතළ ගෝලීය අභියෝග පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙහිදී අනතුරු ඇඟවීමක් කළේය.
විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවීමට නියමිත සියයට 20ක බදු පැනවීම් සහ ‘එල් නිනෝ’ දේශගුණික අවදානම වැනි දැවැන්ත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව සූදානම් කිරීමේ කිසිදු නිසි හෝ විධිමත් වැඩපිළිවෙලක් වත්මන් රජයට නොමැති බවට ද ඔහු එහිදී චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart