
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසරේ පැවැත්වීමට නියමිත මෙක්සිකෝ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා ක්ලෝඩියා ෂින්බෝම් සහ ක්ෂොච්ට් ගැල්වෙස් සූදානම් ව සිටින බව වාර්තා වේ.
ඉදිරි ජනාධිපතිවරණයෙන් කාන්තාවක් තේරී පත් වීමට ඇති අවකාශය ඉහළ බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
එසේ වුවහොත් එය කාන්තාවක් මෙක්සිකෝවේ ජනාධිපති ධූරයට පත් වන පළමු අවස්ථාව වනු ඇත.
විද්‍යාඥවරියක වන 61ක් හැවිරිදි ක්ලෝඩියා මෙක්සිකෝවේ නගරාධිපතිනියක් ලෙස 2018 වසරේ සිට කටයුතු කර ඇති අතර, ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා තනතුරින් ඉවත් වූ බව සදහන් වේ.
විපක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදින්නේ පරිගණක ඉංජිනේරුවරියක සහ ව්‍යාපාරික කාන්තාවක වන ක්ෂොච්ට් ගැල්වෙස් වන අතර ස්වදේශිකයෙක් වන ඇය මේ වනවිටත් පක්ෂ තුනක සහාය හිමිකරගෙන ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart