
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ක්‍රියාත්මක කුලී රථ සහ බෙදාහැරීමේ සේවා සපයන ආයතනයක් වන PickMeහි ප්‍රධාන දත්ත පද්ධතියෙන් අනවසර ලෙස දත්ත නිකුත්වීමක් සිදුව ඇති බවට එල්ලවන චෝදනා එම ආයතනය ප්‍රතික්ෂේප කරයි.
දුරකථන අංක ඇතුළු PickMe දත්ත රැසක් කාන්දු වී ඇති බවට වාර්තා කර තිබුණේ ‘ReadMe’ වෙබ් අඩවියයි.
ඊමේල් මිලියන 1.8ක් පමණ, අනන්‍ය දුරකථන අංක මිලියන 2.8ක්, හෑෂ් ටැගය යෙදූ මුරපද මිලියන 1.4ක් සහ ක්‍රෙඩිට් කාඩ් විස්තර වැනි සංවේදී තොරතුරු කාන්දුවී ඇති බව එම වාර්තාව මගින් ප්‍රකාශකර තිබිණි.
“අපට අවශ්‍ය වන්නේ දත්ත කාන්දුවක් පිළිබඳ මෑත කාලීන චෝදනාවලට විසඳුම් සෙවීමටයි. අපි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර දත්ත ආරක්ෂාව සඳහා අපගේ කැපවීම සහතික කරනවා. අපි කිසිවිටෙකත් ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ගබඩා කරන්නේ නැහැ. එමගින් ආරක්ෂාව සංකේතවත් කරනවා. වැඩි දියුණු කළ ආරක්‍ෂාව සඳහා අපි රහස්‍ය අංකයක් යොමුකරන SMS ක්‍රමය සඳහාත් යොමුවී සිටිනවා ,” යනුවෙන් PickMe සිය X ගිණුමේ සටහනකින් ප්‍රකාශ කර තිබේ.
තම දැඩි දත්ත ආරක්ෂණ ක්‍රියාමාර්ගවලට අනුකූලව,එල්ලවී ඇති චෝදනා තරයේ විමර්ශනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද PickMe ආයතනය පවසයි.
ඔවුන් පවසන්නේ තමන් පොදු දත්ත ආරක්ෂා කිරීමට කැපවී සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart