
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීම, එක් පුද්ගලයකුගේ දඬුවමක් හෝ සමාවක් පිළිබඳ කතාවකට සීමාකළ නොහැකිය.
මෙය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දිගු කලක් තිස්සේ පවතින ප්‍රශ්නයක් යළි මතුකිරීමකි.
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බලය, නීතියේ ආධිපත්‍යයට වඩා ඉහළින් තැබිය හැකිද?…එය මෙසේ විමසා බැලිය හැකිය.
ඥානසාර හිමියන් සම්බන්ධ සිද්ධියේදී අධිකරණ ක්‍රියාවලිය අවසන් වී තිබිණි. අභියාචනාධිකරණය අධිකරණයට අපහාස කිරීමේ චෝදනා හතරකට උන්වහන්සේ වරදකරු කර වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. එම තීන්දුවට එරෙහි විශේෂ අභියාචනා අවසරය ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව නීතියේ සාමාන්‍ය ක්‍රියාවලිය තුළ තීන්දුව අවසන් විය.
එහෙත් එතැනින් නීතිය අවසන් වූයේ නැත.
විධායක ජනාධිපතිවරයා ඊට මැදිහත් විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට සමාව දීමේ බලය තිබීම භාවිත කරමින් මෛත්‍රීපාල සිරිසේන 2019 මැයි 23 වැනිදා ඥානසාර හිමියන්ට සමාව ලබාදුන්නේය.
ප්රශ්නය ඇත්තේ ජනාධිපතිවරයාට එවැනි බලයක් තිබුණාද යන්න පමණක් නොවේ. ප්රශ්නය වන්නේ ‘එම බලය භාවිත කළ ආකාරයයි.’
විශේෂයෙන්ම මෙය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින්ම නියම කළ දඬුවමකි. එවැනි දඬුවමක් විධායකයේ තනි තීරණයකින් අවසන් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතුකරයි.
අද ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවල ‘නීතියේ ආධිපත්‍යය’ ගැන බොහෝ දෙනා කතාකරති. විශේෂයෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ ප්රජාතන්ත්රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා කරති.
එහෙත් ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇසිය යුතුය.
“2019 දී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින්ම දඬුවම් කළ පුද්ගලයකු විධායක ජනාධිපතිවරයාගේ සමාවකින් නිදහස් කරන විට, එදා නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් හඬ නැගූ පිරිස කොහේ සිටියේද?”
දේශපාලනයේ ඇති විශාලම ගැටලුවක් වන්නේ මූලධර්ම තෝරා බේරා භාවිත කිරීමය.
තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා බලයේ සිටින විට ‘විධායක බලය’ භයානකය. තමන්ට හිතකර තීන්දුවක් එම බලයෙන් ලැබෙන විට එය ‘ව්‍යවස්ථානුකූල බලයක්’ බවට පත්වෙයි.
එය නීතියේ ආධිපත්‍යය නොවේ.
එය ‘දේශපාලන පහසුව අනුව මූලධර්ම තෝරා ගැනීමකි.’
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ ලබාදුන් තවත් දැඩි ආන්දෝලනයකට ලක්වූ සමාවක් වූයේ රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වරදකරු වූ ජූඩ් ශ්රමන්ත ජයමහට ලබාදුන් සමාවය. එම සමාව ද පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කළේය.
එනම් එකම ජනාධිපතිවරයකු විසින් ලබාදුන් මතභේදාත්මක ජනාධිපති සමාවන් දෙකක් ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය හමුවේ ප්‍රශ්න කර බලරහිත කර තිබේ.
මෙය හුදෙක් මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ ප්‍රශ්නයක් ද නොවේ.
මෙය ‘ජනාධිපතිවරයා කවුරුන්ද යන්නෙන් ස්වාධීනව, ජනාධිපති සමාව නම් බලය පිළිබඳ ප්රශ්නයකි.’
වර්තමාන ජාතික ජන බලවේග පාලනය යටතේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක් පවතින්නේ නම්, මෙය එම සංවාදයේ මධ්‍යයට ගත යුතු ප්රශ්නයකි.
ජනාධිපතිවරයාට මරණ දඬුවමක් ලැබූ පුද්ගලයකුට සමාව දීමට පමණක් නොව, අධිකරණ ක්‍රියාවලියෙන් අවසන් වූ දඬුවමකට මැදිහත් විය හැකි බලයක් ලබාදීමේ අවශ්‍යතාවය කුමක්ද?
අධිකරණයක් ස්වාධීනව නඩුවක් විභාග කර, වරදකරු කර, දඬුවමක් නියම කර ඇති විට, අවසානයේ දේශපාලන බලයක් ඇති එක් පුද්ගලයකුට එම තීන්දුවේ ප්‍රතිඵලය වෙනස් කළ හැකි නම්, එහිදී අධිකරණයේ අවසානාත්මකභාවය පිළිබඳව ඇති සීමාව කුමක්ද?
ඒ නිසා වර්තමාන ආණ්ඩුව හමුවේ ඇති සැබෑ ප්‍රශ්න 22 වැනි සංශෝධනයෙන් පමණක් අවසන් වන්නේ නැත.
විධායක ජනාධිපති ධුරයට පවරා ඇති බලතල කොතරම් දුරට සීමා කළ යුතුද යන්නද අනාගතයේ විමසා බැලිය යුතුය.
ඒ අතරින් ජනාධිපති සමාව බලය විශේෂ අවධානයකට ලක්විය යුතුය.
එය සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ අවම වශයෙන් දැඩි ව්‍යවස්ථාමය සීමාවන්, විනිවිදභාවය සහ අධිකරණ පරීක්ෂාව යටතට පත් කිරීම ගැනද බරපතළ සංවාදයක් අවශ්‍යය.
මන්ද, ‘නීතියේ ආධිපත්‍යය යනු ආණ්ඩුව වෙනස් වූ විට පමණක් මතක් කරන සටන් පාඨයක් නොවිය යුතුය.’
ඥානසාර හිමියන්ගේ සිද්ධිය ශ්‍රී ලංකාවට ලබාදෙන වැදගත්ම පාඩම එයයි.
ජනාධිපතිවරයාද නීතියට ඉහළින් නොසිටිය යුතුය.
ජනාධිපති සමාව ද නීතියට ඉහළින් නොතිබිය යුතුය.
රටක අවසාන බලය පුද්ගලයකුගේ අභිමතය නොව, නීතිය විය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart