
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද 2024 සහ 2025 වසරවලට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ ඡන්ද විමසීම් අධ්‍යයන ආයතනය (IRES) තීරණය කර ඇත.
මෙම අධ්‍යයනය මගින් මන්ත්‍රීවරුන්ගේ ආදායම්, වත්කම්, බැරකම් සහ අනෙකුත් මූල්‍ය යෝජනාවන්හි සිදුව ඇති සැලකිය යුතු වෙනස්කම් හඳුනාගැනීම සඳහා අදාළ ප්‍රකාශනයන් සංසන්දනය කිරීමට නියමිතය.
එමෙන්ම 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා සමඟ මෙම වත්කම් බැරකම් ප්‍රකාශයන්හි ඇතුළත් තොරතුරු සැසඳීම ද සිදුකෙරේ.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ ප්‍රතිපාදන සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව අවධානය යොමුකර ඇති මොහොතක මෙම පර්යේෂණය ඉතා වැදගත් වන බව IRES ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසයි.
අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක සමයේදී හෙළිදරව් කළ තොරතුරු, මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වීමෙන් පසු ප්‍රකාශයට පත්කළ මූල්‍ය තොරතුරු සමඟ පරස්පරතාවකින් තොරව ගැලපෙන්නේද යන්න මෙහිදී පරීක්ෂා කෙරෙන බව ඔහු සඳහන් කරයි.
මෙම අධ්‍යයනය මගින් මැතිවරණ ප්‍රචාරක වියදම් සහ ආදායම් හෙළිදරව් කිරීම්, මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයන් සමඟ සම්බන්ධ කරමින් රටේ දේශපාලන මූල්‍යකරණය සහ රාජ්‍ය අංශයේ පාරදෘශ්‍යභාවය පිළිබඳ සාක්ෂි සහිත ඇගයීමක් ලබාදෙන බව ද මංජුල ගජනායක වැඩිදුරටත් පවසයි.
තවද, ඉදිරි වර්ෂයන්හිදී ඉදිරිපත් කෙරෙන වත්කම් බැරකම් ප්‍රකාශ නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සඳහා මෙම අධ්‍යයනය තුළින් සකස් කරන ක්‍රමවේදය සහ දත්ත පදනම භාවිත කළ හැකි බව ද ඔහු සඳහන් කරයි.
මහජන නියෝජිතයන්ගේ මූල්‍ය තොරතුරුවල ඇති පාරදෘශ්‍යභාවය සහ වත්කම් බැරකම් ප්‍රකාශයන් මහජනතාවට විවෘත කිරීම පිළිබඳ දැනට පවතින සංවාදයට ද මෙම පර්යේෂණය රුකුලක් වනු ඇතැයි බලාපොරොත්තු වේ.(Sunday Island)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart