June 12, 2026

දින දෙකක් තිස්සේ පැතිර යන ජාතිවාදී ප්‍රහාර නිසා උතුරු අයර්ලන්තය ගිනි ගන්නවා.

සංක්‍රමණිකයින් ඉලක්ක කරමින් එල්ලවෙන් ප්‍රහාර නිසා බෙල්ෆාස්ට් ඇතුළු ප්‍රදේශවල වාසය කරන සංක්‍රමණිකයින් ඉන්නේ දැඩි බියකින්.

ජාතිවාදීන් සමහර සංක්‍රමණිකයින් ගේ ලිපින පවා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා.

ප්‍රහාරකයින්ට විරුද්ධව දැඩි පියවර ගන්න බවත්, ජල කාලතුවක්කු වීදිවල රඳවන බවටත් පොලිසිය අනතුරු අඟවල තියෙනව.

ඒත් සුදු නොවන හමක් තියන හැම දෙනෙක්ම ඉන්නේ විශාල බයකින්.

කොයි වෙලාවේ තමන්ගේ නිවසටත් ප්‍රහාරයක් එල්ල වේවිද කියල බයෙන් ගතකරන්න ඔවුන්ට සිද්දවෙලා තියෙනව.

මම දැක්ක ප්‍රහාරකයින් ඊයේ බීබීසී මාධ්‍යවේදීන්ටත් තර්ජනය කරලා ඔවුන්ගේ මෝටර් රථයෙත් වීදුරු කඩල දාල තියෙනව.

කොහොම වුණත් දින දෙකකට කලින් කලබල ආරම්භ වුණ අවස්ථාවේ තිබුණ තත්වයට වඩා දැන් තත්වය සන්සුන් කියල එහි වෙසෙන අය කියනවා.

බෙල්ෆාස්ට් නුවර සහ සමස්තයක් විදියට උතුරු අයර්ලන්තයේ කොපමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉන්නවද?

ප්‍රහාරකයින් විශේෂයෙන්ම කළු ජාතිකයින් ඉලක්ක කරන බව පෙනුණත්, එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආරක්‍ෂිත ද?

(ජනමාධ්‍යවේදී සරෝජ් පතිරණගේ ෆේස්බුක් පිටුවෙන්)