
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයර්ලන්තය, රුමේනියාවට එරෙහිව ලකුණු 82-8ක ජයක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණක් ද සමගින් ඔවුන්ගේ ලෝක කුසලාන සටන ආරම්භ කළේය.
නායක ජොනී සෙක්ස්ටන් උත්සාහක දිනුම් දෙකක් ඇතුළුව ලකුණු 24ක් රැස්කරමින් අයර්ලන්තයේ ප්‍රමුඛතම රග්බි ලෝක කුසලාන ලකුණු ලාභියා බවට පත්විය.
Hinckley Vaovasa විසින් අයර්ලන්තයෙන් සොරා ගත් පන්දුව සුරැකිව තමන් වෙත ලබා ගත් Gabriel Rupanu රුමේනියාව වෙනුවෙන් තරගයේ තුන්වැනි මිනිත්තුවේදීම උත්සාහක දිනුමක් වාර්තා කළේය.
නමුත් එයට වහා ප්‍රතිචාර දැක්වූ අයරිෂ් ක්‍රීඩකයින් පළමු අර්ධය තුල වාර්තා කළ උත්සාහක දිනුම් 5න් පළමුවැන්න රුමේනියානු උත්සාහයෙන් මිනිත්තු 2කට පසු ලබා ගත්තේය.
දෙවැනි අර්ධයේදී තවත් උත්සාහක දිනුම් 7ක් වාර්තා කිරීමට අයර්ලන්තය සමත් විය.
ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය සමග තරග කළ රුමේනියාවේ මීළඟ අභියෝගය දෙවැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාවයි.
පහත දිගුව හරහා තරගයේ විශේෂ අවස්ථා නැරඹිය හැකිවේ.
https://www.rugbyworldcup.com/2023/video/858547/ireland-v-romania?video=858547
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart