
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තමා වෙත ආරක්ෂක උපදේශක තනතුරක් ලබාදීමට කටයුතු කළ ද තමා එම තනතුර භාර නොගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකර ඇති පැහැදිළි කිරීම පහත සම්පූර්ණයෙන්ම පහතින් පළවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු පිලිබදවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2021 අගෝස්තු 07 වනදා මා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදේශකවරයකු ලෙස 2021 අගෝස්තු 16 සිට 2023 අගෝස්තු 15 දක්වා ක්‍රියාත්මක වන පරිදි බදවා ගත්බවට ලිපියක් මා වෙත ලැබී තිබිණි.එවකට මහජන ආරක්ෂක ලේකම්වරයාව සිටි මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) ජගත් අල්විස් මහතා වෙත මා මෙම ලිපිය සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී.මෙහිදී මහජන ආරක්ෂක ලේකම් ජගත් අල්විස් මහතා විසින් මා හට එම තනතුර බාර නොගන්නා ලෙස දන්වා සිටින ලදී.එම නිසා මා එම තනතුර බාර නොගත් අතර එම තනතුර බාර නොගන්නා බවට දන්වමින් 2021.11.05 දාතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිපියක්ද යොමු කර ඇත(එම ලිපිය මේ සමග අමුණා ඇත).සමාජ මාධ්‍ය වල යන ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බවත් මා කිසිම දිනක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය හෝ කිසිදු වරප්‍රසාදයක් ලබා නොගත් බවට සහතික කරමි.
දේශබන්ධු තෙන්න්කෝන්
බස්නාහිර පලාත් බාර ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart