
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාජ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් යුරෝපයට පළායෑමට උත්සාහ කරමින් සිටි 47 හැවිරිදි ඉරාන ජාතිකයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජපානයේ නරීටා වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ගොඩවෙමින් සිටියදී ඔහු ඉදිරිපත් කළ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව ගුවන් සේවා කාර්ය මණ්ඩලයට සැක මතුවීම හේතුවෙන්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා නිරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
තාක්ෂණික පරීක්ෂණයකින් අනතුරුව එම විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව නිලධාරීන් තහවුරු කර තිබේ.
මෙම ව්‍යාජ ගමන් ලියවිල්ල ලබාගැනීම සඳහා සැකකරු තම මව් රටේ තැරැව්කරුවකුට ඇමෙරිකානු ඩොලර් 15,000ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 4.5ක්) ගෙවා ඇති බව ද වාර්තා වේ.
සැකකරුගේ මුදල් පසුම්බිය තවදුරටත් පරීක්ෂා කිරීමේදී ඔහුගේ සැබෑ ඉරාන විදේශ ගමන් බලපත්‍රය සහ නරීටා සිට ඉස්තාන්බුල් දක්වා දක්වා ගමන් කිරීමට ලබාගෙන තිබූ ගුවන් ටිකට් පතක් ද ආගමන විගමන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart