
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට ක්‍රියාත්මක යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් ඇමරිකානු යෝජනාවකට ඉරානය සෘණාත්මකව ප්‍රතිචාර දක්වා තිබේ.
යුද්ධය අවසන් කිරීම ටෙහෙරානයේ නියමයන් සහ කාලරාමුව මත පමණක් සිදුවන බව ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් ප්‍රෙස් ටීවී වෙත අදහස් දක්වමින් අවධාරණය කර තිබිණි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යුද්ධය අවසන් කරන වේලාව නියම කිරීමට ඉරානය ඉඩ නොදෙන බව ඔහු පැවසීය.
“ඉරානය යුද්ධය අවසන් කරන්න තීරණය කරන්නේ තමන්ගේම කොන්දේසි සපුරා ගත් විටයි,” යනුවෙන් ද එම නිලධාරියා පැවසුවේය.
තම ආරක්ෂාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට සහ තම ඉල්ලීම් ඉටු වන තුරු සතුරාට ‘දැඩි පහරවල්’ එල්ල කිරීමට ටෙහෙරානයේ අධිෂ්ඨානය ද ඔහු අවධාරණය කළේය.
එම නිලධාරියාට අනුව, යුධ පිටියේ ඇමරිකානු අසාර්ථකත්වය වසා ගැනීම සඳහා වන යෝජනා ඉදිරිපත් කරමින් වොෂින්ටනය විවිධ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා සාකච්ඡා කරගෙන යනු ලබයි.
2025 වසන්ත හා ශීත ඍතුවේ දී පැවති සාකච්ඡා වට දෙකකට ඇති සමානකම් පෙන්වා දෙමින් ඒවා රැවටිලිකාර සාකච්ඡා ලෙස ඔහු හඳුන්වා දුන්නේය.
අවස්ථා දෙකේදීම, එක්සත් ජනපදයට අර්ථවත් සංවාදයක යෙදීමට සැබෑ අභිප්රායක් නොතිබූ බවත්, පසුව ඉරානයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් සිදු කළ බවත් නිලධාරියා අවධාරණය කළේය.
එබැවින්, මිත්‍රශීලී කලාපීය අතරමැදියකු හරහා ලබා දුන් නවතම ප්‍රකාශය, ආතතීන් උත්සන්න කිරීමේ උපක්‍රමයක් ලෙස වර්ගීකරණය කරමින් ටෙහෙරානය සෘණාත්මකව ප්‍රතිචාර දක්වා ඇත.
ඉරානය යුද්ධය අවසන් කිරීමට එකඟ වන නිශ්චිත කොන්දේසි පහක් නිලධාරියා ගෙනහැර දැක්වීය.
1.සතුරාගේ ‘ආක්‍රමණ සහ ඝාතන’ සම්පූර්ණයෙන්ම නැවැත්වීම.
2. ඉස්ලාමීය ජනරජය මත නැවත යුද්ධයක් නොමැති බව සහතික කිරීම සඳහා සංයුක්ත යාන්ත්‍රණ ස්ථාපිත කිරීම.
3.යුද හානි සහ වන්දි ගෙවීම සහතික කරන පැහැදිලිව නිර්වචන ලබාදීම
4. කලාපයේ සියලු පෙරමුණු හරහා සහ සියලුම ප්‍රතිරෝධක කණ්ඩායම් සඳහා යුද්ධය අවසන් කිරීම
5.හෝර්මුස් සමුද්‍ර සන්ධිය මත අධිකාරිය ක්‍රියාත්මක කිරීමට ඉරානයේ ස්වෛරී අයිතිය පිළිබඳ අන්තර්ජාතික පිළිගැනීම සහ සහතික කිරීම්.
මෙම කොන්දේසි, පෙබරවාරි 28 වැනිදා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය නව ආක්‍රමණ වටයක් දියත් කිරීමට දින කිහිපයකට පෙර ජිනීවාහි පැවති දෙවැනි වටයේ සාකච්ඡා අතරතුර ටෙහෙරානය විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට අමතරව ඉදිරිපත් වන ඉල්ලීම් බව නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.
සියලු කොන්දේසි පිළිගැනීම මත සටන් විරාමය රඳා පවතින බව සද්භාවයෙන් ක්‍රියා කරන සියලුම අතරමැදියන්ට ඉරානය දැනුම් දී ඇත.
“ඊට පෙර කිසිදු සාකච්ඡාවක් පවත්වන එකක නැහැ,” යනුවෙන් එම නිලධාරියා අවධාරණය කළේ, දක්වා ඇති කොන්දේසි සපුරාලන තෙක් ඉරානයේ ආරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව පවතින බව නැවත අවධාරණය කරමිනි.
“යුද්ධයේ අවසානය සිදුවන්නේ ට්‍රම්ප් ඒ ගැන සිතන විට නෙවෙයි, ඉරානය එය අවසන් කළ යුතු යැයි තීරණය කරන විටයි,” යැයි ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart