
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී ඉරානයට එල්ල වූ අමෙරිකානු හමුදා ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස බහරේනයේ පිහිටි ඇමසන් (Amazon) සමාගමේ දත්ත මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර සිටියි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය මගින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, IRGC සඳහන් කරන්නේ බහරේනයේ පිහිටි ඇමසන් සමාගමේ “ප්‍රධාන දත්ත යටිතල පහසුකම්” කෲස් මිසයිල ප්‍රහාර මගින් විනාශ කළ බවයි.
එමෙන්ම මෙම ප්‍රහාරය මගින් පර්සියානු කලාපයේ පිහිටි අමෙරිකානු ගුවන් ආරක්ෂක පද්ධති ද ඉලක්ක කළ බව එම බලකාය වැඩිදුරටත් කියා සිටියි.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින උත්සන්න වූ සතුරුකම් මධ්‍යයේ ය.
එහිදී ඉරානය විසින් ඉදිකෙරෙමින් පවතින ඩාකෝවින් න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය විසින් වොෂින්ටනයට චෝදනා කරනු ලබයි.
කෙසේවෙතත්, ඇමසන් මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල වූ බවට තහවුරු කළ ස්වාධීන වාර්තා කිසිවක් මෙතෙක් ලැබී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart