
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ (26) සුදුසුකම් ලබා ගත්තේය.
ගුජරාට් ටයිටන්ස් මෙම ජයග්‍රහණය ලබාගනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 62කින් පරදවමිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජාරට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 03කට ළකුණු 233ක් රැස්කළහ.
එහිදී තරගාවලියේ තුන්වන ශතකය වාර්තා කල සුබ්මන් ගිල් ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මුම්බායි කණ්ඩායමට එරෙහිව ඉනිමකදි වැඩිම ළකුණු රැස් කල දෙවන පිතිකරුවා බවටද පත්විය. ඔහු පන්දු 60 ලකුණු 129ක් ලබාගත්තේ දැවැන්ත හයේ 10ක්ද සමගිනි. මීට පෙර 2014දී විරේන්ද්‍ර ෂෙවැග් වැඩිම ළකුණු රැස්කල පිතිකරුවා ලෙස වාර්තා පොත්වලට ඇතුළත්ව සිටියේ ලකුණු 122ක් ලබා ගනිමින්ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 171ක් පමණකි.
ඒ අනුව තරගය ජයගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හෙට (28)අහමදාබාද් හිදි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග අවසන් මහා තරගයේදි ශුරතාව සදහා සටන් වදිනු ඇත.
පසුගිය වසරේ අයි.පි.එල් ශුරයින් වු ගුජරාට් කණ්ඩායමට චෙන්නායි කණ්ඩායම හමුවෙි සිය අභිමානය රැක ගැනීමට හැකිවෙයිද? තීරණය හෙට රාත්‍රීයේ අහමදාබාද්හිදි දැක ගත හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart