
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ(IPL) අවසන් මහා තරගය හෙටට (29) කල්දැමිණි.
ඊට හේතුවූයේ තරගයම ආරම්භ කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදී ක්‍රීඩා පිටියයට අඛණ්ඩව වර්ෂාවෙන් බාධා එල්ලවීමයි.
එමනිසා තරගය වෙනුවෙන් කාසිය වාසිය උරගා බැලීමට හෝ අවස්ථාව ලැබුනේ නැත.
අහමදාබාද් ක්‍රීඩාංගණයට තරගය නැරඹිම සදහා වාර්තාගත ක්‍රීඩාලෝලීන් පිරිසක් පැමිණ සිටියහ.
තරගය රාත්‍රි 7.30ට ආරම්භවීමට නියමිතව තිබුණද, රාත්‍රි 11 වන තෙක්ම වර්ෂාව අවසන් වූයේ නැත.
විනිසුරුවන් කණ්ඩායමකට පන්දුවාර 05ක් ක්‍රීඩා කීරිම සදහා කෙටි සැලසුම් සකස්කළද එයද ව්‍යර්ථ විය.
ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර අයි.පි.එල්. අවසන් ගැටුම හෙට(29) පැවැත්වීමට විනිසුරුවෝ අවසානයේ තීරණය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart