
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර ගැටලු විසඳා නොගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලය පසුගිය 10 වැනි දින ද නැවත වරක් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ අධ්‍යක්ෂවරයා සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ධ්‍යක්ෂ ජනරාල්වරයා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය වෙත ලිපිය එම යොමු කර ඇත.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් මතු කරන ලද අභ්‍යන්තර ආරවුල් සහ සදාචාරාත්මක ගැටලු තවමත් විසඳා ගැනීමට හැකිවී නොමැති බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
එබැවින් ජාතික ඔලිම්පික් කමිටුවේ විශ්වසනීයත්වය සහ කීර්ති නාමය බරපතළ ලෙස කෙළෙසමින් පවතින බව ද ලිපියේ දක්වා ඇත.
පවතින තත්ත්වය යටතේ ඔලිම්පික් ශිෂ්‍යත්ව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෘජු ගෙවීම් සිදුකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද එහි දක්වා තිබේ.
අභ්‍යන්තර පාලන ආරවුල් සහ සදාචාරාත්මක ගැටලු විසඳීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
කෙසේවෙතත් ඊයේ(13) ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභා රැස්වීමක් පැවති අතර එහිදී කඩිනමින් නිලවරණයක් පැවැත්වීමට තීරණය වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart