
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිළිඳු පවුල් ඉලක්ක කරගෙන කොළඹ ප්‍රදේශයේ සිදුකරනු ලබන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (27) දැනුම්දී තිබේ.
කොළඹ 15 හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචි සිවුදෙනකු විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවද දැනගැනීමට ඇත.
එම වකුගඩු ලබාදී ඇත්තේ කවුද? කාටද? ඒ සඳහා මුදල් ගනුදෙනු වී තිබේද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නොමැති නමුත් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමටද අපරාධ
කොට්ඨාසය පියවර ගෙන තිබේ.
පසුගිය වසරක පමණ කාලය තුළ දී කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහල් තුළ එවැනි ආකාරයේ නීති විරෝධී අයුරින් වකුගඩු ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකර තිබේද යන්න පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමටද මෙම අපරාධ කොට්ඨාසය පියවර ගෙන ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart