
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෑතකදී සිදු වූ බව කියන අක්‍රමිකතා සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් රජයේ ආයතන තුනක් විමර්ශන ආරම්භ කර තිබේ.
පළමු වරට විදෙස්ගත වන ගෘහ සේවිකාවන් ලබා ගත යුතු වන දින 25ත් 30ත් අතර පුහුණුවට අදාළ රුපියල් 75,000ක ගෙවීම් කාර්යාංශයට නොව බාහිර පාර්ශ්වයකට සිදු කළ බව කියන වංචාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම සහ රජයේ විගණන දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.
අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ප්‍රමිතීන් සහ මාර්ගෝපදේශ රජයේ විදේශ රැකියා ඒජන්සිය විසින් අනුගමනය නොකරන බව ද කියනු ලැබේ.
අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සාමාන්‍ය මූලධර්මය පවසන්නේ කිසිදු බඳවා ගැනීමේ ගාස්තු හෝ ඊට අදාළ පිරිවැය කම්කරුවන් හෝ රැකියා අපේක්ෂකයන් විසින් දරනු නොලබන බවයි.
විදේශීය බඳවා ගැනීමේ නියෝජිතායතන හිමිකරුවකු පවසා තිබුණේ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ පැහැදිලි මාර්ගෝපදේශ නොතකා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිර්ලජ්ජිත ලෙස දුප්පත් ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් 21,46ක් ලියාපදිංචි ගාස්තු ලෙස අය කර ඇති බවයි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පාර්ශ්වයෙන් පවසන්නේ එය අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ප්‍රපත්තිය වුවද,
ශ්‍රී ලංකාව ඊට එකඟ වී නොමැති බවයි.
“භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක් උපයා දෙනවා මෙන්ම ගෘහ සේවිකාවන්ගෙන් සිදුකෙරෙන උපයාදීම් හැරුණු විට අපි ඔවුන්ව පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමෙන් රක්ෂණය කරනවා. අසරණ සංක්‍රමණික සේවකයන්ට නවාතැන් ගත හැකි විශේෂිත රටවල අපට ආරක්ෂිත නිවාස තිබෙනවා. 5 වසර, සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත්, කාර්මික විද්‍යාලවලට යෑමට සුදුසුකම් ඇති ඔවුන්ගේ දරුවන්ට අපි ශිෂ්‍යත්ව ලබා දෙනවා. මේවා අපි දරන වියදම්” යනුවෙන් එහි නිලධාරියෙක් පවසා තිබේ.
සංක්‍රමණික සේවකයන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ පැමිණිලිවලි රැසක් කාර්යාංශයේ ගොඩගැසී ඇති බවට එල්ල වී ඇති චෝදනාව ද එම නිලධාරියා එය ප්‍රතික්ෂේප කර ඇත.
“වාර්ෂිකව 300,000කට වැඩි කම්කරුවන් පිරිසක් සංක්‍රමණික රැකියා සඳහා පිටත්ව යනවා. අපි එතෙර දූත මණ්ඩල 16ක සහ අපගේ මධ්‍යස්ථාන 22ක මාර්ගගත පැමිණිලි දොරටු සඳහා පහසුකම් සලසනවා. අපි අදාළ ආයතන ගෙන්වා දින 14ක් ඇතුළත ඔවුන් සමඟ සම්බන්ධ කර මේ ප්‍රශ්න විසඳනවා. පැමිණිලිවලින් සියයට 3ත් 5ත් අතර ප්‍රමාණයක් පිටවීම් පිළිබඳ පැමිණිලි. පැන ගිය අය සහ විදේශයන්හි සිරගත වූවන් වැනි අපට විසඳිය නොහැකි දේවල් තිබෙනවා. සමහර ආයතන වැරදිකරුවන් වූ විට අපි අසාදු ලේඛනගත කරන හෝ අත්හිටුවන අවස්ථා තිබෙනවා” යනුවෙන් ඔහු පැහැදිලි කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart