
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහියංගණ විහාරස්ථානයේ පෙරහැරට පැමිණි සීතා ඇතින්නට වෙඩි තැබීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ මෙසේ සඳහන් කර තිබේ.
“මහියංගණ විහාරස්ථානයේ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් සහභාගී වන බැවින්, ප්‍රදේශයෙන් බහුල වශයෙන් ගැවසෙන වල් අලි පලවා හැරීමේ කණ්ඩායමක් විහාරස්ථානයේ ස්ථාපිත කරන ලෙස මහියංගන විහාරාධිපති හිමියන් වනජීවී වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීමට අනුව, වනජීවී නිලධාරීන් සමග වනජීවී දෙපාර්තමේන්තුවට සිවිල් ආරක්ෂක භටයකුද සහභාගි වී ඇත.
ඊයේ පෙරවරු 03:15ට පමණ මහවැලි ගඟ අසබඩ ගාල්කර සිටි සීතා නමැති ඇතින්නට වල් අලියකු යැයි සිතා රබර් උණ්ඩ වෙඩි තැබීමක් වාර්තා වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එසේම මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අදාළ පාර්ශවයන් වෙත නියෝග ලබාදී ඇත.”
රාජකාරිය අතරතුර අදාළ සිවිල් ආරක්ෂක භටයා විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ඇත්නම්, අදාළ භටයාට විරුද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart