April 14, 2024

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායකගේ උපදෙස් මත එම පරීක්ෂණය අරඹා ඇත.

එලෙස විකෘති කර ඇත්තේ, රෝහණ බැද්දගේ ගායනා කරන අවුරුදු ගීතයකි.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කර ඇත්තේ, විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයාබලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බවයි.

ඒ අනුව, අදාළ ගීතය විකෘති කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

(News1st)