
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ රජයක් යටතේ යාපනයේ අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සහ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.
යාපනය පුවත්පත් සමාජයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ ක්‍රීඩාංගණය සමඟ යාපනයේ තරුණ තරුණියන් සඳහා ක්‍රීඩා සංවර්ධන වැඩසටහනක් ද හඳුන්වා දෙන බවයි.
තම අවසන් සංචාරයේදී යාපනයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පිළිබඳ තමන් කළ ප්‍රශ්නයෙන් පසුව ආන්දෝලනයක් ඇති වූ බව පෙන්වා දුන් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ යාපනයේ අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පිහිටුවීමේ යෝජනාවට මෙම සංවාදය හේතු වූ බවයි.
තමන් මේ වන විටත් යාපනයේ කළ සොයා බැලීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ විශාල ඉඩමක් ඇති බව සොයා ගත් බවත් එම ඉඩම වෙන් කර ඇති නමුත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ ඉහත කී ඉඩම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කරන අතර ප්‍රදේශයට ක්‍රීඩා පුහුණු පහසුකම් ද හඳුන්වා දෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart