
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත් අඩංගුවට ගෙන රදවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට සහාය පළකරමින් කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම් සියල්ල ලබන 17 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
බෙංගමුවේ නාලක හිමි, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, ඇතුළු පාර්ශව කීපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීමට හැකියාව තිබෙන්නේ මුල් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය නොතීසි නිකුත්කරනු ලැබුවොත් පමණක් බව කියාසිටියාය.
මෙහිදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන වී.කේ.චොක්සි, මනෝහර ද සිල්වා මෙන්ම ක්‍රිෂ්මාල් වර්ණසූරිය,අශෝක් භරන්, ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය මේ වනවිට දැඩි ලෙස මහජන අවධානයට පාත්‍ර වී තිබෙන නඩූ කටයුත්තක් බවත්, ඊට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියහ.
කෙසේවෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සදහන් කළේ මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනගේ කරුණු දැක්වීම් අවසන් වීමෙන් පසුව බවයි.
ඒ අනුව මෙම අතරමැදි පෙත්සම් ලබන 17 වනදා කැදවන ලෙස නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart