
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් සිර මැදිරිය තුළදී සිය බිරිඳගේ අනියම් සැමියාගේ ගෙළ කපා බරපතළ තුවාල සිදුකළ පුද්ගලයකු පැල්මඩුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාව විසින් සිය අනියම් සැමියා සමග පැල්මඩුල්ල නගරයේ කලහකාරීව හැසිරෙමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබේ.
පසුව පොලිස් ස්ථානයට පැමිණි කාන්තාවගේ සැමියා ඇයට ඇප ලබාගෙන පිටව යන අවස්ථාවේදී ඇයට පොලිසිය තුළදීම පහරදීමක් සිදුකර ඇත.
එම පහරදීමේ වරදට පොලිස් නිලධාරීන් විසින් සැමියා අත්අඩංගුවට ගෙන සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර පරික්ෂා කිරීම කිරීමක නිරත වෙමින් සිටියදී, සැකකාර සැමියා විසින් සඟවාගෙන සිටි පිහියක් රැගෙන සිරමැදිරිය තුළට පැන එහි සිටි අනියම් සැමියාගේ ගෙළට පිහි පහර එල්ල කර තිබෙන බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ අනියම් සැමියා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන පැල්මඩුල්ල පොලිසිය විසින් සිදුකරන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart