
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිළුමිණ පුවත්පත, www.silumina.lk සහ ඒ ආශ්‍රිත සියලුම සමාජ මාධ්‍ය ගිණුම්වලට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ එහි නිලධාරීන් සම්බන්ධ කිසිදු අන්තර්ගතයක් පළ කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
සිළුමිණ පුවත්පතේ සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) මාධ්‍යවේදියෙකුට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.
පැමිණිලි පාර්ශ්වය විසින් මෙහිදී රුපියල් බිලියන 01ක වන්දි මුදලක්ද ඉල්ලා ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ එහි විධායක නිලධාරීන්ට අපහාස වන ආකාරයේ කිසිදු අන්තර්ගතයක් ප්‍රකාශයට පත් කිරීම ඉහත සඳහන් මාධ්‍ය ආයතනයට අධිකරණය විසින් තාවකාලිකව තහනම් කර ඇත.
පැමිණිල්ල විභාග කිරීම අවසන් වන තුරු මෙම සීමාව ක්‍රියාත්මක වේ.
(News Wire)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart