
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාතාල ලෝකයේ ප්‍රබල නායකයන් ලෙස සැළකෙන ප්‍රංශයේ සැඟව සිටින කංජිපානි නමැත්තා සහ ඩුබායි හි සැඟව සිටින ලොකු පැටී නමැත්තා මෙරටට ජනප්‍රිය ගායකයකු සහ රංගන ශිල්පියකු ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇතැයි ‘ලංකාදීප’ය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ජනප්‍රිය ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු හත්දෙනා පාතාලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඒවා යළි නොදුන්නේ යැයි කියමින් ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවට ද තොරතුරු ලැබී ඇත.
ඝාතන ලැයිස්තුවේ සිටින බව කියන මෙම ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු කිහිපදෙනකු මීට වසර කිහිපයකට ඉහත දී පාතාල පාර්ශවයක් සංවිධානය කළ උත්සවයකට සහභාගිවීමට ඔවුන් සැඟව සිටින රටට ද ගොස් ඇති බව කියති.
මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුවගෙන් කළ විමසුමක දී ඔහු පවසා ඇත්තේ, මෙවැනි ආරංචියක් පැතිරයමින් පවතින බවයි.
සැලැස්මේ ඇත්ත නැත්ත දැනගැනීමට සොයාබැලීමක් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා කරගෙන යන බවද තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.
ක්ලබ් වසන්ත නමැත්තාගේ ඝාතන සැලැස්ම සකස් කරනු ලැබුවේ ද කංජිපානී සහ ලොකු පැටී නමැති පාතාල නායකයන් දෙදෙනා බව තහවුරු කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart