July 14, 2026

2026 ජූනි 12 වැනිදා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බිඳදමා, එහි තිබූ ලිපිගොනු රැගෙන ගොස් දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

දඹුල්ල පොලිස් ස්ථානය මඟින් සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති අතර, ඔහුව සොයා ගැනීමට සහාය වීම සඳහා ඒවා මේ වන විට මාධ්‍ය ආයතන වෙත මුදාහැර තිබේ.

පොලිසිය පවසන පරිදි, මීට පෙර තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බිඳදමා සොරකම් කිරීමේ සිද්ධියකට ද මෙම සැකකරුම සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා ද ඔහු පොලිසියට අවශ්‍ය කර සිටින සැකකරුවෙකි.

මෙම සැකකරු පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ විමර්ශන නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි:

දඹුල්ල පොලිස් ස්ථානාධිපති (OIC): 7071-8591091

දඹුල්ල පොලිස් ස්ථානය: 066-2284703