
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනක නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව සහ දූෂණය සහ නිසි ලෙස සංවර්ධිත පද්ධති නොමැතිවීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 500 ආදායමක් රජයට අහිමිවන බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එවැනි පාඩු හඳුනාගෙන ඇති අතර, මෙම ආයතන නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් 50 දෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පිහිටුවීමට සලකා බැලීමට සුදානමින් පසුවන බව පැවැසේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ආදායමෙන් සියයට 86ක් පමණ පැමිණෙන්නේ, ගනුදෙනුකරුවන් 464 දෙනකුගෙන් පමණක් බවත්, කාර්ය මණ්ඩලය 2,500ක් පමණ සිටියද බදු එකතු කිරීමේ පදනම පුළුල් කිරීමට නොහැකි වූයේ මන්දැයි කනස්සල්ලට පත්වන බවත් කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.
ප්‍රධාන පෙළේ මෝල් හිමියකු ඇතුළු ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පවා බදු පැහැර හැරීම්කරුවන් අතර සිටින බවට ඔහු චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart