October 27, 2026

ආන්දෝලනාත්මක Airbus ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, අදාළ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24 ක් යටතේ මෙලෙස අධිචෝදනා ගොනුකර ඇති බවයි.