
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘නන්ඩෙඩ්ග්‍රෑම් එක්ස්ප්‍රස්’ දුම්රියේ පළමු පන්තියේ මැදිරියක්, අලුත විවාහ වූ යුවළක් වෙනුවෙන් ‘මධුසමය කාමරයක්’ (honeymoon suite) ලෙස සැරසීම අනාවරණය වීමෙන් පසු සමාජ මාධ්‍ය තුළ එය දැඩි අවධානයක් දිනාගැනීමත් සමඟ, ඉන්දීය දුම්රිය සේවය විසින් එහි ප්‍රධාන ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
අදාළ යුවළ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජල්නා දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවීමට පෙර, බැලූන්, මල් සැරසිලි, රෝස මල් පෙති දහස් ගණනක් සහ ‘I Love You’ යනුවෙන් ලියන ලද පණිවිඩයකින් එම දුම්රිය මැදිරිය සරසා ඇති අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවලට අනුව, මෙම යුවළ වෙනුවෙන් පළමු පන්තියේ මැදිරියක් වෙන්කරවා ගැනීමෙන් පසු, පෞද්ගලික උත්සව සංවිධාන ආයතනයක් විසින් මෙම සැරසිලි සිදුකර ඇත.
අදාළ යුවළ මෝටර් රථයකින් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන අතරතුර, තම කාර්ය මණ්ඩලය කල්තියා දුම්රිය මැදිරියට ඇතුළු වී මෙම සැරසිලි සූදානම් කළ බව එම ආයතනය පවසා තිබේ.
කෙසේවෙතත්, ඉන්දීය දුම්රිය සේවය ප්‍රකාශ කළේ සැරසිලිකරුවන් කිසිදු අවසරයකින් තොරව දුම්රිය මැදිරියට ඇතුළු වී ඇති බවයි. එය දුම්රිය රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව ඔවුහු පෙන්වාදෙති.
මෙම සිදුවීමෙන් පසු, එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි ප්‍රධාන ප්‍රවේශපත්‍ර පරීක්ෂක ගිරිෂ් කුමාර්ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
සැරසිලිකරුවන්ට දුම්රිය මැදිරියට ඇතුළු වීමට අවස්ථාව ලැබුණේ කෙසේද සහ මේ සඳහා වෙනත් නිලධාරීන් සම්බන්ධ වී ඇත්ද යන්න සෙවීම සඳහා දුම්රිය බලධාරීන් විසින් දෙපාර්තමේන්තු මට්ටමේ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart