
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව හමුවේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන් බිලියනයකට අධික ඉන්දියානුවන්ගේ හදවත් බිඳ වැටුනු මොහොතේ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් රෝහිත් ෂර්මා ප්‍රමුඛ කණ්ඩායමට පණිවිඩයක් ලබා දුන්නේය.
“ආදරණීය ඉන්දීය කණ්ඩායම,
ලෝක කුසලානය හරහා ඔබේ දක්ෂතා සහ අධිෂ්ඨානය කැපී පෙනුණා. ඔබ මහත් ධෛර්යකින් හා කැපවීමෙක් ක්‍රීඩා කර රටට ඉමහත් අභිමානයක් ගෙනාවා.
අදත් සැමදාත් අපි ඔබ සමඟ සිටිමු,”
ලෙස ඉන්දීය අගමැතිවරයා සමාජ මාධ්‍ය තුල සිය පණිවිඩය සටහන් කර තිබුනේය.
එමෙන්ම ඉන්දියාව කඩුලු 06 කින් පරාජය කරමින් 06 වන වරටත් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කල ඕස්ට්‍රේලියාවට සුභ පැතු ඉන්දීය අගමැතිවරයා ට්‍රැවිස් හෙඩ්ගේ ශතකයද ඇගයීමට ලක් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart