
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ හමුවී තිබේ.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ පැවති සාකච්ඡාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයෙන් පසු ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවලට ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර ඇත.
වඩාත් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයක් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවේදී ඉන්දීය මහකොමසාරිස්වරයා ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයේ මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ඔහුව දැනුවත් කර තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හවුල්කාරීත්වයේ ඉතිහාසය මෙන්ම එම සබඳතාවල අනාගත අසීමිත අවස්ථා පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානයට යොමුව ඇත.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවේදී ගෝලීය වර්ධනයන් සම්බන්ධයෙන් ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය පිළිබඳ අදහස් හුවමාරුවක් කර ගෙන තිබේ.
එමෙන්ම ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල මෑතකාලීන ප්‍රගතිය පිළිබඳව ද ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හිටපු ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart